ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල් අත්හිටුවීමට ට්‍රම්ප් ගත් පියවර භයානක යැයි වෛද්‍යවරුන්ගේ විශාලතම වෘත්තීය සංගමය වන ඇමෙරිකානු වෛද්‍ය සංගමය (AMA) පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සම්බන්ධයෙන් සමාලෝචනයක් පවත්වන අතරතුර, එම සංවිධානය වෙත ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අරමුදල් සැපයීම නතර කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශය සඳහා ප්‍රතිචාර වශයෙන් AMA හි සභාපති ආචාර්ය පැට්‍රිස් ඒ. හැරිස් අද (15දා) මෙසේ ප්‍රකාශයක් නිකුත් කළේය.
"සියවසක කාලය තුළ ලෝකය මුහුණදෙන දරුණුතම මහජන සෞඛ්‍ය අර්බුදය අතරතුර, ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අරමුදල් සැපයීම නතර කිරීම වැරදි දිශාවකට භයානක පියවරක් වන අතර, එය කොවිඩ්-19 පරාජය කිරීමේ සටන තවදුරටත් දුෂ්කර කරනු ඇති." යැයි එම ප්‍රකාශයේ සඳහන් වෙයි.
"ගෝලීය වසංගතයකට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගය සහ විද්‍යාව හා දත්ත මත රඳා සිටීම අවශ්‍යයි. කොරෝනා වෛරසයට එරෙහිව විසඳුම් කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා මේ මොහොතේ ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් කපා හැරීම, ලෝකයම අස්ථිර මොහොතකට මුහුණදෙන අවස්ථාවේ භයානක පියවරක් බව කිව යුතුයි. ඇමෙරිකානු වෛද්‍ය සංගමය ලෙස අප මේ තීරණය සහ එහි පුළුල් පරාසයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන අතර, අරමුදල් කපාහැරීමට ගත් එම තීරණය නැවත සලකා බලන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් තරයේ ඉල්ලා සිටිනවා." යැයි එහි වැඩිදුරටත් සඳහන් වෙයි.