ප්‍රතිශක්ති ඌනතාවයෙන් පෙළෙන පුද්ගලයන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතය සඳහා අවසර දී ඇති ඕනෑම කොවිඩ්-19 එන්නතක් තෙවැනි මාත්‍රාවක් (බූස්ටර්) ලෙස ලබාගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) එන්නත් උපදේශක කණ්ඩායම නිර්දේශ කර තිබේ.
"මධ්‍යස්ථව හා දැඩි ලෙස ප්‍රතිශක්තිකරණය නියමාකාරයෙන් නොලැබුණු පුද්ගලයන්ට අතිරේක මාත්‍රාවක් ලබාදිය යුතුයි. මන්දයත් මෙවැනි පුද්ගලයින් සම්මත හෙවත් මූලික එන්නත් මාලාවකින් (එන්නත් මාත්‍රා දෙකකින්) පසුවද ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් ලබාගැනීමේ ඉඩකඩ අඩු නිසාත්, ඔවුන්ට කොවිඩ්-19 රෝග අවදානම ඉහළ මට්ටමක පවතින නිසාත් මෙම නිර්දේශය සිදුකරනවා" එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සියෙහි උපාය ප්‍රතිශක්තිකරණය පිළිබඳ උපදේශක කණ්ඩායම පැවසීය.
එසේම චීනයේ සීනොෆාම් සහ සීනොවැක් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින්ට තුන්වැනි මාත්‍රාවක් ලබාදිය යුතු බවද මෙහිදී සඳහන් කර තිබේ.
"සීනොවැක් සහ සීනොෆාම් අක්‍රිය එන්නත් ලබාගත් අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා සමජාතීය එන්නතෙහි අතිරේක (තුන්වැනි/බූස්ටර්) මාත්‍රාවක් ලබා දිය යුතුයි" කෙසේ වෙතත් එන්නත් ලබාගත හැකිවීමේ පදනම මත වෙනත් එන්නතක්ද අතිරේක මාත්‍රාව ලෙස ලබාදිය හැකි බව විශේෂඥයින් තවදුරටත් පවසා තිබේ.