Telegram සමාජ ජාලය බ්‍රසීලය හදිසියේ අත්හිටුවයි


බ්‍රසීලයේ අධිකරණයක් විසින් Telegram පණිවිඩ යැවීමේ සමාජ ජාලා යෙදුම අත්හිටුවීමට නියෝග කර ඇති අතර, එය වැරදි තොරතුරු පතුරුවන බව කියන ගිණුම් වාරනය කිරීමේ නියෝගවලට අනුකූල වන තෙක් එය රට තුළ ක්‍රියාත්මක වීම තහනම් කරන ලෙස දන්වා තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇලෙක්සැන්ඩ්‍රේ ද මොරායස් සිකුරාදා තීන්දුව ප්‍රකාශ කළේ ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සහ එවැනි දේශපාලඥයන් අතර ජනප්‍රිය වූ සන්නිවේදන වේදිකාවක් තහනම් කරමිනි. විනිසුරුවරයා Telegram බ්‍රසීලයේ නීතියට අගෞරව කරන බවටත්, අධිකරණ තීන්දුවලට අනුකූල වීමට නැවත නැවතත් අසමත් වී ඇති බවටත් චෝදනා කළේය.

කෙසේ වෙතත් බොල්සොනාරෝ ප්‍රතිචාර දැක්වූයේ ඔහුගේ Telegram නාලිකාවට සම්බන්ධ වීමට ආරාධනයක් ඇතුළත් ට්විටර් පණිවිඩයක් පළ කිරීමෙනි.



Recommended Articles