රුසියානු නෝර්ඩ් ස්ට්‍රීම් 1 සහ 2 ගෑස් නල මාර්ග කඩාකප්පල් කිරීමට පෙර දිනවලදී නෝර්වේ අක්වෙරළ බලශක්ති ක්‍රියාකරුවන් ඔවුන්ගේ වේදිකාවන් අසල හඳුනා නොගත් ඩ්‍රෝන යානා සංඛ්‍යාව වැඩි වන බව වාර්තා කර ඇත.
නෝර්වීජියානු ඛනිජ තෙල් ආරක්ෂණ අධිකාරිය බ්‍රහස්පතින්දා රටේ තෙල් හා ගෑස් කර්මාන්තයේ සාමාජිකයින් සමග රැස්වීමක් පැවැත්වූ අතර, මෑත වාර්තා මගින් නෝර්වීජියානු කලාපය හරහා ඩ්‍රෝන් ක්‍රියාකාරකම් වැඩි වී ඇති බව ඔවුන්ට අනතුරු ඇඟවීය.
ඒ අනුව, මෙය කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට වන සැකසංකා තවදුරටත් තහවුරු වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.