රුසියාවේ සිට ජර්මනිය දක්වා දිවෙන Nord Stream 1 සහ 2 ගෑස් නල මාර්ගවල බහුවිධ පිපිරීම් කඩාකප්පල්කාරී කුමන්ත්රණයක කොටසක් බවට සැක මතුව තිබේ.
Nord Stream 2 නලයෙන් ගෑස් කාන්දුවක් සඳුදා සවස ඩෙන්මාර්කයේ බෝර්න්හෝම් දූපත අසලදී අනාවරණය වූයේ නල දෙකෙන් එකක පීඩනය සැලකිය යුතු ලෙස පහත වැටීමෙන් පසුවය.
ඩෙන්මාර්ක බලධාරීන් නෝර්ඩ් ස්ට්‍රීම් නල දෙකෙහිම කාන්දුවීම් තුනක් පවතින බව අනාවරණය කරගෙන ඇත.
Nord Stream 1 නළයේ ඇති වූ කැඩීම් නලයේ ඩෙන්මාර්ක සහ ස්වීඩන් යන කොටස් දෙකෙහිම සොයාගෙන ඇති අතර Nord Stream 2 හි කාන්දුව ඩෙන්මාර්ක කොටසේ සොයාගෙන ඇත.