MU5735 යානයේ 2වැනි කළු පෙට්ටිය සොයා මෙහෙයුම්


දකුණු චීනයේ ගුවාංෂි ෂුවාං ස්වයං පාලන ප්‍රදේශයේදී කඩා වැටුණු චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් ගුවන් යානයේ දෙවැනි කළු පෙට්ටිය සහ දිවි ගලවා ගත් අය සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බව වාර්තා වෙයි.

විමර්ශකයන් පැවසුවේ MU5735 හි යානය කඩා වැටී පුපුරා ගිය ස්ථානය පැහැදිලිවම හඳුනාගෙන ඇති බවයි.

එමෙන්ම යානයේ එක් කළු පෙට්ටියක් පසුගියදා සොයාගත් අතර, දෙවැනි කළු පෙට්ටිය මෙන්ම, දිවි ගලවාගත් අය සිටීනම් ඔවුන් පිළිබඳ හෝඩුවාවක් සෙවීමද තවදුරටත් සිදුවෙයි.

කෙසේ වෙතත් එරට මාධ්‍ය වාර්තා පැවසුවේ තවදුරටත් දිවිගලවා ගත් අය සිටීද යන්න සැක සහිත බවයි. එමෙන්ම අනතුර සිදුවූ ස්ථානයේ බොහෝ සුන්බුන් දැනට සොයාගෙන ඇති බවද එම මාධ්‍ය වාර්තා පවසයි.



Recommended Articles