LGBT ප්‍රචාරණය රුසියාවේ සම්පූර්ණයෙන් තහනම් වේ


රුසියාවේ නව පනතක් මගින් එරට තුළ LGBT සබඳතා ප්‍රවර්ධනය ස්ථිර ලෙස තහනම් කර ඇති අතර, එවැනි පණිවිඩ ප්‍රචාරණය හෝ ප්‍රවර්ධනය යුද ප්‍රචාරණයට සහ වෛරය ඇවිස්සීමකට සමාන ලෙස දක්වා තිබේ.

මීට පෙර රුසියාවේ LGBT ප්‍රචාරණය තහනම් කර තිබුණේ, එය ළමයින් වෙත යොමු කරන විට පමණි. නමුත් එරට ඇතැම් දේශපාලනඥයන් විසින් "පවුලේ වටිනාකම් ප්‍රතික්ෂේප කිරීම" සහ "සාම්ප්‍රදායික නොවන ලිංගික සම්බන්ධතා ප්‍රචාරය කිරීම" සඳහා දැඩි සීමා කිරීම් සහ දඬුවම් ඉල්ලා සිටීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම පනත ඉදිරිපත් කර තිබේ.

පනතට අමුණා ඇති පැහැදිලි කිරීමේ සටහනක පෙන්වා දී ඇත්තේ, මේ වනවිට LGBT ප්‍රචාරණය රුසියාවේ පුළුල් වී ඇති බවය. ඒ අනුව, එරට මාධ්‍ය, පොදු සිදුවීම්, ප්‍රවාහ සේවා සහ චිත්‍රපටවල එවැනි සබඳතා නිරූපණය කිරීම හරහා ප්‍රවර්ධනය කරන බව පෙන්වා දී තිබේ.



Recommended Articles