Kit Kat තහනම් කරමින් රුසියාවට දැනවීමට යයි


ලොව විශාලතම ආහාර නිෂ්පාදකයෙකු රුසියාවේ KitKat චොකලට් බාර් සහ Nesquik කොකෝවා බීම ඇතුළු අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන විකිණීම නතර කරන බව ස්විට්සර්ලන්ත සමාගම ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

යුක්රේන ගැටුම සම්බන්ධයෙන් රුසියාවට දැනවීමට සිදුකළ මෙම අත්‍යවශ්‍ය නොවන රසකැවිලි හා පානයන් නතර කිරීම හරහා වඩාත්ම එම සමාගමට රිදෙනු ඇති බව විචාරකයෝ පවසති. මන්දයත්, එම නිෂ්පාදනවල පරිමාව සහ විකුණුම්වලින් අතිමහත් බහුතරයක් රුසියාවේදී අලෙවි වන අතර එය 2021 දී ඩොලර් බිලියන 1.82ක් වූ බව එම සමාගමම තහවුරු කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, ළදරු ආහාර සහ වෛද්‍ය පෝෂණ ආහාර ද්‍රව්‍ය තහනමක් සිදු නොවන බවද එම සමාගම පවසා ඇති අතර, මෙම පියවර යුක්රේනයේ රුසියාවේ අඛණ්ඩ හමුදා මෙහෙයුමට ප්‍රතිචාරයක් බව සමාගම පැහැදිලි කළේය. එසේම රුසියාවෙන් ලැබෙන සියලුම ලාභය යුක්රේනය වෙත හරවන බවද සඳහන් කර ඇත.

එක්සත් ජනපදය සහ එහි සගයන් විසින් මේ වනවිටත් රුසියාව සමග සබඳතා කපා හරින ලෙස ගෝලීය සමාගම්වලට බලපෑම් කරමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles