නාසා අභ්‍යවකාශ ඒජන්සිය සහ ස්පේස් එක්ස් සමාගම සිදුකළ මෙහෙයුමක් යටතේ මාස 5ක කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සිටි ගගනගාමීන් සිව්දෙනෙකු යළි පෘථිවිය වෙත පැමිණ තිබේ.
Crew-5 යනුවෙන් හැඳින්වුණු මෙම මෙහෙයුම යටතේ ජාත්‍යන්තර අභ්‍යවකාශයේ රැඳී සිටි, ජපානයේ කොයිචි වකාටා, රුසියාවේ අනා කිකිනා සහ නාසාහි නිකොලේ මාන් සහ ජොස් කාසාඩා යන ගගනගාමීන් මෙලෙස පෘථිවිය වෙත පැමිණ ඇත.
මෙම ගගනගාමීන් පිරිස රැගත් කැප්සූලය ෆ්ලොරීඩාවේ බටහිර වෙරළට ඔබ්බෙන් සාගරය වෙත නිරුපද්‍රිතව පතිත වී ඇති අතර, ඔවුන් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී අභ්‍යවකාශය වෙත ගොස් තිබුණි.