ISIS හා සම්බන්ධ වූ පුරවැසියන් යළි භාරගන්නේ නෑ - යුරෝපය


ISIS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් සමග සම්බන්ධ වීමට ඉරාකයට සහ සිරියාවට ගොස්, යළි සිය මවුරටට පැමිණීමට උත්සාහ කරන්නන් යළි භාරගැනීම යුරෝපය ප්‍රතික්ෂේප කරන බව විදෙස් වාර්තා පවසයි.

යුරෝපය, ඇමෙරිකාව සහ ඇතැම් ආසියානු රටවලින් පවා ISIS ඉස්ලාම් රාජ්‍ය සමග සම්බන්ධ වීමට විශාල වශයෙන් ඉස්ලාමීය තරුණ තරුණියන් සම්බන්ධ වී තිබුණු අතර, පසුගිය කාලයේදී සිය රාජ්‍යයේ පසුබැසීම සමග ඔවුන් යළිත් සිය මවු රටවල් වෙත පැමිණීමට උත්සාහ කළේ විදෙස් ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්වීමෙන් පසුවය.

නමුත්, යුරෝපය ඔවුන් යළිත් භාරගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ අතර, විශේෂයෙන්ම දැනට එම රටවල ජනතාවගෙන් එල්ල විය හැකි බලවත් විරෝධය ඊට ප්‍රධානතම හේතුවක් විය. මන්දයත්, බොහෝ කාලයක් දැඩි ජිහාඩ් මතයක සිටි පිරිසකගෙන් යළිත් තම රටවලට තර්ජනයක් විය හැකිය යන මතයන්ද ඉස්මතුව තිබුණි.

කෙසේ වෙතත්, මෙසේ සිරියාවේ කුර්දි සටන්කාමීන්ගේ අත්අඩංගුවේ පසුවන ජර්මානු කාන්තාවක සහ ඇගේ දරුවන් තිදෙනා යළි ගෙන්වා ගැනීමට එරට අධිකරණයක් නියෝගයක් ලබාදුන්නේය.

ඇස්තමේන්තු අනුව අවම වශයෙන් ISIS හා සම්බන්ධව සිටි යුරෝපීයයන් 1,200 ක් සිරියාවේ කඳවුරුවල රඳවා සිටින බවත්, ඒ අතර, ර්මානු වැඩිහිටියන් 124ක් හා ළමයින් 138 ක් සිටින බවත් ජර්මානු රාජ්‍ය නොවන සංවිධානයක් පෙන්වා දෙයි.



Recommended Articles