ISIS නායක අල්-බග්දාදිගේ පුත්‍රයා හුදායෆ් අල්-බද්රි ඝාතනය කෙරේ


IS ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ නායකයා ලෙස හඳුන්වන අබු බාකර් අල්-බග්දාදිගේ පුත්‍රයෙකු වූ හුදායෆ් අල්-බද්රි සිරියානු සටන් අතරතුර ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.

සිරියානු රජයේ හමුදාවන්ට සහ රුසියානු හමුදාවන්ට එරෙහිව හොම්ස් පළාතේ විදුලි බලාගාරයක් තුළ සිදුකිරීමට ගිය ප්‍රහාරයක් අතරතුර ඔහු මියගොස් ඇති බව එම ත්‍රසත සංවිධානයේ වාර්තාවන්ද තහවුරු කර තිබේ.

හුදායෆ් අල්-බද්රිගේ පියා වන අබු බකර් අල්-බග්දාදි IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස මියගිය බවට කිහිප අවස්ථාවකදීම වාර්තා වුවත්, මෙම පුතාගේ මරණය සම්බන්ධයෙන් වූ තොරතුරු සමග ඔහු තවමත් ජීවතුන් අතර සිටින බවක් හැඟවෙයි.

මොහු වර්ෂ 2000 දී ඉරාකයේ සමර්රා නගරයේ උපත ලැබූවෙකු බවට විශ්වාස කෙරෙන අතර, මෙම ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ප්‍රධානීන්ගේ ඥාතීන් පිළිබඳ බොහෝ තොරතුරු වසන් කර තිබීම නිසා ඒවා ප්‍රසිද්ධියට පත්ව ඇති අවස්ථා අතිශය විරලය.

ඉරාකය පසුගිය දෙසැම්බර් මාසයේදී IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එරෙහි යුද ජයග්‍රහණය ප්‍රකාශයට පත්කළද, එම ම්ලේච්ඡ ත්‍රස්තයන්ගේ ක්‍රියාකාරකම් සම්පූර්නයෙන් මැඬපැවැත්වීමට මෙම රාජ්‍යයන් අපොහොසත් වී ඇත.



Recommended Articles