IAEA ප්‍රධානියා නුදුරේදීම ඉරානයේ සංචාරයකට එයි


ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් මරියානෝ ග්‍රෝසි නුදුරේදීම ටෙහෙරාන් අගනුවරට පැමිණෙන බව ඉරානය නිවේදනය කරයි.

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙතෙක් පැවති ආන්දෝලනය අවසන් කිරීමට මෙය අවස්ථාවක් බවද ඉරානය විශ්වාසය පළ කරයි.

විශේෂයෙන්ම මේ හරහා ඉරානය වෙත පනවා ඇති සම්බාධක ඉවත්කර ගැනීමටද අවශ්‍ය වටපිටාව සැකසෙනු ඇති බව සඳහන් වේ.



Recommended Articles