HIV වෛරසය පිටුදැකීමේ එන්නත පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටේ


ඒඩ්ස් රෝගයට හේතු වන HIV වෛරසය පිටුදැකීම වෙනුවෙන් මිනිසුන්ට ලබාදුන් පර්යේෂණාත්මක එන්නත පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටී තිබේ.

දකුණු අප්‍රිකාවේ වන HIV වෛරසය ආසාදනය රෝගීන් 5,000කට අධික පිරිසකට මෙම HVTN 702 එන්නත අත්හදා බලමින් තිබුනත්, එමගින් රෝගය සුවවීමක් මෙතෙක් දක්නට නොලැබුණු බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

සෞඛ්‍ය විශේෂඥයන් දැඩි බලාපොරොත්තු තැබූ මෙම එන්නත සම්බන්ධයෙන් මෙසේ බලාපොරොත්තු බිඳ වැටුණද, එන්නත් ලබාදෙමින් ඒ සම්බන්ධ පර්යේෂණ දිගටම සිදුකරන බව පෙන්වා දෙයි.



Recommended Articles