HIV වළක්වන ප්‍රථම එන්නත ඇමෙරිකාවේදී අනුමත වෙයි


HIV ඒඩ්ස් රෝගී තත්ත්වයට එරෙහි සටන ඉහළ නැංවීම සඳහා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් පූර්ව නිරාවරණ රෝග වැළැක්වීමේ (PrEP) ප්‍රථම එන්නත් ප්‍රතිකාරයට අනුමැතිය ලබා දී තිබේ.

Apretude (cabotegravir) පූර්ව නිරාවරණ රෝග වැළැක්වීමේ (PrEP) එන්නත් ප්‍රතිකාරය ලිංගිකව ආසාදිත වූ HIV අවදානම අවම කිරීම සඳහා යොදා ගැනෙන අතර, එය කිලෝග්‍රෑම් 35 (රාත්තල් 77) බරැති වැඩිහිටියන් සහ යෞවනයන් සඳහා භාවිත කිරීමට අනුමත කරන ලද බව FDA නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙම ඖෂධය ආරම්භ කිරීම සඳහා එන්නත් මාත්‍රා දෙකක් අවශ්‍ය වන අතර, මාසයක පරතරයකින් පසුව එවා ලබාදිය යුතු වෙයි. පසුව සෑම මාස දෙකකට වරක් එන්නත් කිරීම අවශ්‍ය වේ. මෙහිදී දෛනික ඖෂධ ලබා ගැනීමට අඩු ඉඩක් ඇති අධි අවදානම් කණ්ඩායම් අතර සිටින පුද්ගලයින් සඳහා මෙමගින් යහපත් ප්‍රතිඵල අපේක්ෂා කෙරේ.

.



Recommended Articles