HIV ආසාධිතයන්ගේ ශුක්‍රාණු බැංකුවක් විවෘත කිරීමට නවසීන්තය කටයුතු කර ඇති අතර, මෙය ලොව එවැනි එකම ආයතනය ලෙස සැලකෙයි.
ආසාධිතයන් තිදෙනෙකු දැනටමත් මෙම ආයතනය වෙත ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට ඉදිරිපත්ව ඇති අතර, ඔවුන්ගේ රුධිරයේ වෛරස් මට්ටම ඉතා අවම මට්ටමක පවතින බවත්, ලිංගික හෝ දරු ප්‍රසූතියකදී HIV සම්ප්‍රේෂණය වීමක් සිදු නොවන බවයි.
දෙසැම්බර් 01 වැනිදාට යෙදෙන ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව පුණ්‍යායතන තුනක් විසින් ශුක්‍රාණු බැංකු දියත් කිරීමට කටයුතු කර තිබේ.
බොඩි පොසිටිව්, නවසීලන්ත ඒඩ්ස් පදනම සහ ධනාත්මක කාන්තා ආයතනය බලාපොරොත්තු වන්නේ මෙම ව්‍යාපෘතිය මගින් HIV සම්ප්‍රේෂණය පිළිබඳව ජනතාව දැනුවත් කරනු ඇති අතර රෝගී වූවන්ගේ අපකීර්තිය අවම කරනු ඇති බවයි.
ශුක්‍රාණු බැංකුව පවසන්නේ සියලුම පරිත්‍යාගශීලීන් HIV ආසාදිතයින් වන නමුත් සාර්ථක ප්‍රතිකාරයක් මගින් වෛරසය ආසාදනය වීම වළක්වන බවයි.