නව කොරෝනා වෛරසය පිටුදැකීම සඳහා ඖෂධයක් නිෂ්පාදනය කිරීමේ උත්සාහය සඳහා බ්‍රිතාන්‍ය ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛ සන්නාමයක් වන ග්ලැක්සෝස්මිත්ක්ලයින් (GSK) අද (03දා) නිවේදනය කර සිටියේ, ඔවුන් එපිඩෙමික් ප්‍රිපෙයාඩ්නස් ඉනොවේෂන් (CEPI) සමග සහයෝගයෙන් කටයුතු කරන බවයි.
එහිදී 2019-nCoV හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහිව ඵලදායී එන්නතක් නිපදවීම සහ වැඩිදියුණු කිරීම සඳහා GSK විසින් අතිරේක තාක්ෂණය ලබාදෙන බවද එම නිවේදනයේ දැක්වේ.