ගෝලීය ආර්ථික ප්‍රකෘතිය සඳහා සහයෝගීතාව අවශ්‍ය වන අතර, ගෝලීය අභියෝගවලට මුහුණ දීම සහ ශක්තිමත්, තිරසාර, සමතුලිත සහ සියල්ල ඇතුළත් වර්ධනය සඳහා අඩිතාලම දැමිය යුතු බව දෙදින සමුලුව අවසානයේ සම්මත කරන ලද ප්‍රකාශයක G20 නායකයෝ කියා සිටියහ.
ගෝලීය අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේදී සහ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවලට, විශේෂයෙන් අවම සංවර්ධිත සහ කුඩා දූපත් සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්ට සහාය දැක්වීමට ඔවුන් කැපවී සිටින බවද එම කණ්ඩායම ප්‍රකාශ කළේය.
රැකියා සහ වර්ධනය ලබාදෙන ශක්තිමත්, සියලු දෙනා ඇතුළත් සහ ඔරොත්තු දෙන ගෝලීය ප්‍රකෘතියක් සහ තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමට සම්බන්ධීකරණය කරන බව නායකයෝ වැඩිදුරටත් පැවසූහ.