Facebook පරිශීලක දත්ත යළිත් තෙවැනි පාර්ශ්වයක් සොරාගෙන


දකුණු කොරියානු සමාගමක් නීතිවිරෝධී ලෙස තම දත්ත අලෙවි හා ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගත් බවට ෆේස්බුක් සමාගම නඩු මගට බැස තිබේ.

ඒ අනුව, රෑන්ක්වේව් සමාගමේ ස්වාධීන විගණනයක් සිදුකරමින් මෙම දත්ත සොරාගැනීම සිදුව ඇති බව තහවුරු කරන ලෙස ෆේස්බුක් සමාගම අධිකරණයෙන් ඉල්ලා ඇත.

කෙසේ වෙතත්, මෙහිදී කොපමණ දත්ත ප්‍රමාණයක් හෝ කොපමණ ෆේස්බුක් පරිශීලකයන් පිරිසක් මීට ගොදුරුව ඇතිද යන්න තවමත් ප්‍රකාශ කළ නොහැකි බව ෆේස්බුක් ප්‍රකාශයකයෙකු සඳහන් කර ඇත.

ෆේස්බුක් සමගම තම ප්‍රතිපත්ති පාවා නොදී කටයුතු කරන බවට සෙසු මෘදුකාංග සංවර්ධකයන්ටත්, සිය පාරිභෝගිකයන්ටත් වගකිව යුතු බැවින් ඔවුන් මෙවැනි අධිකරණ ක්‍රියාවලියකට ගිය බවද සමාගම පවසා ඇත.

මීට පෙරද ෆේස්බුක් දත්ත තෙවැනි පාර්ශ්වයන් අතට පත්වීම සම්බන්ධයෙන් දැඩි විවේචන පැවති අතර, එය ෆේස්බුක් සමාගමේ කොටස් අගය පහළ යෑමට දක්වා බලපෑම් කළේය.

මේ සමගම ෆේස්බුක් සමාගම සිය සමාගමේ ප්‍රතිපත්තිවලට මුල්තැන දෙමින් පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩිව කටයුතු කරන බව අවධාරණය කර තිබුණි.



Recommended Articles