D-Day සැමරුමට ආරාධනා නැති වීම ගැටලුවක් නොවේ - පූටින්


උතුරුදිග ප්‍රංශයේ නෝමන්ඩි වෙත ඇන්ග්ලෝ ඇමෙරිකානු මිත්‍ර පාර්ශ්වීය හමුදා ගොඩබැසීම සිදුකළ D-Day ආක්‍රමණයේ 75 වැනි සැමරුම වෙනුවෙන් තමාට ආරාධනාවක් නොලැබීම පිළිබඳ කිසිදු ගැටලුවක් නැතැයි රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් කියයි.

2014 වසරේදී පැවති මෙහි 70 වැනි සංවත්සරයට ආරාධනා ලැබූ පූටින් කියා සිටියේ, ඊට සහභාගී වීමට වඩා තමාට රුසියාව තුළ තවත් බොහෝ රාජකාරීන් සිදුකිරීමට පැවති බවයි.

මේ අතර, අදාළ D-Day ආක්‍රමණය දෙවැනි ලෝක යුද්ධයේ තීරණාත්මක සාධකයක් නොවූ බව රුසියාව මෑතකදී ප්‍රකාශ කර තිබුණි.

විශේෂයෙන්ම දෙවැනි ලෝක යුද්ධයේදී සෝවියට් හමුදා සිදුකළ දායකත්වය බටහිර විසින් හිතාමතා අමතක කරන බවටද රුසියාව චෝදනා කර තිබුණි.

බ්‍රහස්පතින්දා (06දා) සවස පැවති ප්‍රධාන සැමරුම් උත්සවයට එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු රාජ්‍ය නායකයන් සහභාගී වූ අතර, ජර්මානු නාසි හමුදා පළවා හැරීම සඳහා මිත්‍ර පාර්ශ්වයේ හමුදා නාවික හා ගුවන් දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස මෙම ආක්‍රමණය සැලකෙයි.



Recommended Articles