COVID-19 ආසාදිත ගෝලීය ජනගහනය ලක්ෂ 24 සීමාවට


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත ලෝක ජනගහනය ලක්ෂ 24ක සීමාව කරා පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාල දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව මේ වනවිට ගෝලීය සමස්ත ආසාදිත අගය දැක්වෙන්නේ 2,401,379ක් ලෙසිනි.

එමෙන්ම ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව එම දත්තවලට අනුව 165,044ක් ලෙස මේ වනවිට දැක්වෙයි.

කෙසේ වෙතත් වෛරසය ආසාදනය වී රෝහල්ගත වීමෙන් පසුව සුවය ලබා නිවෙස් කරා ගොස් ඇති පිරිස 623,903කි.  



Recommended Articles