COVAX වැඩසටහන සඳහා චීන එන්නත් ඉදිරිපත් වෙයි


චීනයේ කොවිඩ්-19 එන්නත් සංවර්ධකයන් වන සිනෝවැක්, සිනෝෆාම් සහ කැන්සිනෝබයෝ විසින් සෑම රටකටම එන්නත් ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාවට නංවා ඇති COVAX වැඩසටහන හා සම්බන්ධ වීමට අයදුම්පත් ඉදිරිපත් කළ බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පැවසුවේ, පසුගිය ඔක්තෝම්බර් මාසයේදී චීනය නිල වශයෙන් COVAX සමග සම්බන්ධ වූ අතර එය සැමට සෞඛ්‍ය සම්පන්න සෞඛ්‍ය ප්‍රජාවක් යන සංකල්පය තහවුරු කිරීමේ වැදගත් පියවරක් ලෙස චීනය සලකන බවයි.



Recommended Articles