CIA චරපුරුෂයන් 17ක් අල්ලා පිරිසක් මැරූ බව ඉරානය කියයි


එක්සත් ජනපද සීඅයිඒ සංවිධානයට සම්බන්ධව ඔත්තු සැපයූ චර පුරුෂයන් 17 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, ඉන් ඇතමෙකු ඝාතනය කළ බවත් ඉරානය පවසයි.

ඉරාන බුද්ධි අංශය පවසන්නේ මෙම සැකකරුවන් ඉරානයේ විවිධ ක්ෂේත්‍ර තුළ රැඳෙමින් තොරතුරු ගවේෂණය කරමින් ඔත්තු බලා ඇති බවයි.

ඔවුන්ගෙන් ඇතමෙකු ඉරාන ආරක්ෂක සහ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සමග සම්බන්ධවද කටයුතු කර ඇති බවද හෙළි වී තිබේ.

කෙසේ වෙතත්, ඉරානයේ මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙය අමූලික බොරුවක් පවසා සිටියි.

වොෂිංටනය සහ ටෙහෙරාන් පරිපාලනය අතර පසුගිය සති කිහිපය පුරා පවතින උණුසුම් තත්ත්වය තවදුරටත් තීව්‍ර වන අවස්ථාවක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.



Recommended Articles