රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වන එක්සත් ජනපද මධ්‍යස්ථානය විසින් එරට සංචාරකයන් වෙනුවෙන් කොවිඩ්-19 සඳහා "ඉහළ" (තෙවැනි) සංචාරක අවදානමක් සහිත රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවද එක්කර තිබේ.
එම මධ්‍යස්ථානයේ අවදානම් වර්ගීකරණයට අනුව "ඉතා ඉහළ" (සිව්වැනි), "ඉහළ" (තෙවැනි), "මධ්‍යස්ථ" (දෙවැනි), "අවම" (පළමු වැනි) සහ තොරතුරු නොදත් යනුවෙන් අවදානම් වර්ගීකරණයන් 5ක් වෙයි.
ඒ අනුව, ශ්‍රී ලංකාවට සංචාරය කරන්නේ නම්, සැලකිලිමත් විය යුතු මූලික තොරතුරු පෙළක් ඇමෙරිකානු සංචාරකයන්ට CDC ආයතනය විසින් දන්වා සිටියි. ඒවා නම්,
- ශ්‍රී ලංකාවට යාමට පෙර ඔබ එන්නත් කර ඇති බවට සහ ඔබේ කොවිඩ්-19 එන්නත් නියමිත කාලයට ලබාගෙන සිටින බවට සහතික කර ගන්න.
- ඔබ කොවිඩ්-19 එන්නත් නියමිත කාලයට ලබාගෙන නොමැති නම්, ශ්‍රී ලංකාවට ගමන් කිරීමෙන් වළකින්න.
- ඔබ ඔබේ කොවිඩ්-19 එන්නත් සමග යාවත්කාලීනව සිටියත්, ඔබ තවමත් කොවිඩ්-19 ආසාදනයවීමේ සහ එය පැතිරවීමේ අවදානමට ලක් විය හැකිය.
- වයස අවුරුදු 2 හෝ ඊට වැඩි ඕනෑම අයෙකු ගෘහස්ථ පොදු ස්ථානවල හොඳින් ගැලපෙන මුඛ ආවරණයක් පැලඳිය යුතුය.
- ශ්‍රී ලංකාවේ සියලුම අවශ්‍යතා සහ නිර්දේශ අනුගමනය කරන්න.
කෙසේ වෙතත්, CDC හි ඉහළම සිව්වැනි මට්ටම හෙවත් "ඉතා ඉහළ" අවදානම් රටවල් ලැයිස්තුව ජනවාරි මස මුලදී 80ක් පමණ වුවත්, එය මේ වනවිට රටවල් 135ක් දක්වා වැඩිවී ඇත්තේ, ලොවපුරා ඔමික්‍රෝන් ප්‍රභේදයේ වේගවත් ව්‍යාප්තිය ඉන් පිළිබිඹු කරයි.