BRICS සාමාජිකත්වය සඳහා බංග්ලාදේශය අයදුම් කරයි


BRICS ආර්ථික සහයෝගීතා සන්ධානයේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා බංග්ලාදේශය අයදුම් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව, දකුණු ආසියානු රාජ්‍ය මෙම සන්ධානයේ සාමාජිකත්වය සඳහා නිල අයදුම්පතක් ඉදිරිපත් කර ඇති අතර, දැනට චීනය, රුසියාව, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් එහි සාමාජිකත්වය දරයි.

ඒ අනුව, බංග්ලාදේශයේ මෙම අයදුම්පත පිළිබඳ ඉල්ලීම එලැඹෙන අගෝස්තු මාසයේ දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන සාමාජික කණ්ඩායම් සමුළුවේදී සලකා බලනු ඇත.



Recommended Articles