BA.2 වෛරසය හෙවත්, ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදයේ උප ප්‍රභේදය, වඩා වේගයෙන් පැතිරෙන්නේ නැති වුවත්, එය වඩාත් දරුණු රෝග ඇති කළ හැකි බවත්, කොවිඩ්-19 ට එරෙහිව දැනට පවතින ප්‍රධාන ආයුධ සමහරක් වලක්වාලීමට හැකියාව ඇති පෙනෙන්නට ඇති බවත් නවතම පර්යේෂණයක් යෝජනා කරයි.
ජපානයේදී සිදුකළ විද්‍යාගාර අත්හදා බැලීම්වලින් පෙනී යන්නේ ඩෙල්ටා ඇතුළු කොවිඩ්-19 හි පැරණි ප්රභේදයන් ආකාරයෙන්ම මෙම නවතම BA.2 තුළ බරපතළ රෝගාබාධ ඇති කළ හැකි ලක්ෂණ පවතින බවයි.
තවද ඔමික්‍රෝන් මෙන්ම, BA.2 වෛරසය බොහෝ දුරට පූර්ණ එන්නත් (ද්විත්ව එන්නත) මගින් නිර්මාණය කරන ලද ප්‍රතිශක්තිකරණයෙන් ගැලවී යාමේ සම්භාවිතාවක් පවතින බවද සඳහන් වෙයි. කෙසේ වෙතත් බූස්ටර් එන්නත් මත්‍රාව මගින් ආරක්ෂාව යථාතත්ත්වයට පත් කරන බවත්, ආසාදනයෙන් පසු රෝගාතුර වීම 74%කින් පමණ අඩු බවත් එම පර්යේෂණය වැඩිදුරටත් පෙන්වා දෙයි.
එසේම BA.2 වෛරසය, දැනට ඔමික්‍රෝන් ආසාදිතව බරපතළ රෝගී තත්ත්වයන්හි පසුවන රෝගීන්ට එරෙහිව භාවිත කරන ඇතැම් ඖෂධ ඇතුළු සමහර ප්‍රතිකාරවලට ප්‍රතිරෝධී වන බවත් ජපානයේ සිදුකළ මෙම පර්යේෂණය යෝජනා කරයි.