Audi ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට


ජර්මනියේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගම්ක වන අවුඩි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රූපට් ස්ටැඩ්ලර් අත්අඩංගුවට පත්ව තිබේ.

වොක්ස්වැගන් සහ අවුඩි මෝටර් රථ නිෂ්පාදනයේදී එන්ජිමෙන් පිටවන විෂ වායු විමෝචනය පරීක්ෂා කිරීම හඳුනාගත නොහැකි වන ආකාරයෙන් වංචාවක් සිදුකර ඇති බවට අවුඩි හිමිකාරීත්වය දරණ වොක්ස්වැගන් සමාගමට චෝදනා එල්ල වී තිබුණි.

ඒ අනුව, මේ සම්බන්ධ අධිකරණ ක්‍රියාවලිය අතරතුර මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බව සමාගමේ ප්‍රකාශකයෙකු විසින් තහවුරු කර තිබේ.

ඔහු පවසා සිටියේ අධිකරණය මගින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා රක්ෂිත බන්ධනාගාරගත කරන ලද බවයි.

මෙහි අධිකරණ ක්‍රියාවලියේදී සාක්ෂි වසන් කිරීමට රූපට් ස්ටැඩ්ලර් උත්සාහ කරනු ඇතැයි යන සැකය හා අවදානම මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවද මියුනිච් අභිචෝදකයෝ පවසති.

1_Audi



Recommended Articles