APEC පුත්‍රජය දැක්ම 2040 ක්‍රියාත්මක කිරීමට මුලපුරයි


ආසියා පැසිෆික් ආර්ථික සහයෝගිතාව (APEC) 28 වැනි APEC ආර්ථික නායක රැස්වීමේදී ආසියා පැසිෆික් කලාපයේ අනාගත සහයෝගීතාව සඳහා වූ පුත්‍රජය දැක්ම 2040 ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම දියත් කළේය.

APEC හි නව දිගුකාලීන සැලැස්ම "2040 වනවිට සියලුම ජනතාවගේ සහ අනාගත පරම්පරාවන්ගේ සමෘද්ධිය සඳහා වූ විවෘත, ගතික, ඔරොත්තු දෙන සහ සාමකාමී ආසියා පැසිෆික් ප්‍රජාවක්" යන්න අරමුණු කරයි.

මෙම සැලැස්ම මෙවර APEC හි වඩාත්ම වැදගත් පියවරක් වූ අතර, සමුළුවේ සත්කාරකත්වය දැරූ නවසීලන්තය ඒ සඳහා මූලික අවධානය යොමුකර තිබුණි.



Recommended Articles