AI යොදා තැනූ දේශපාලන දැන්වීම් ගූගල් ගැලවීමට යයි


කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණයෙන් නිර්මාණය කළ හඬ හෝ රූප යොදා ගනිමින් සිදුකරන දේශපාලන දැන්වීම් ගූගල් මෙහෙයුම් පද්ධතිය තුළ තහනමට ලක්කිරීමට සූදානම් වෙයි.

සත්‍ය මිනිස් රූප හෝ හඬ ලෙස ජනතාව නොමග යවනසුළු දැන්වීම් AI තාක්ෂණයෙන් නිර්මාණය කිරීම වැළැක්වීමේ මෙවලම් ළඟදීම ගූගල් වෙත එක්වීමට නියමිත බවද එහි ප්‍රකාශකයෙක් සඳහන් කර තිබේ.

ඒ අනුව, ලබන නොවැම්බර් මාසයේ සිට මෙම වෙනස්කම් සිදුවනු ඇති අතර, එය ඇමෙරිකානු ජනාධිපතිවරණයට වසරක් තිබියදී සිදුවීමද විශේෂත්වයකි.



Recommended Articles