9 11 සැමරුමේදී ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව සීරුවෙන්


ඇමෙරිකාවට එල්ල වූ 9/11 ප්‍රහාරයේ 20 වැනි සංවත්සරය යෙදෙන විට ඇෆ්ගනිස්ථානයේ බලය තලේබාන් සංවිධානය අත්පත් කර ගැනීමෙන් අනතුරුව සිය ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කරන බවට ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව පොරොන්දු විය.

ඉන්දියාව ඔස්ට්‍රේලියාව, එක්සත් ජනපදය සහ ජපානය ක්වාඩ් හි සාමාජිකයන් වන අතර ඉන්දු-පැසිෆික් කලාපයේ විශාල රාජ්‍යයන් හතරකි.

දශක දෙකකට පසු  එක්සත් ජනපදය සහ සෙසු විදේශීය හමුදා ඉවත් වීමෙන් පසු තලේබාන් බලය අල්ලා ගත් ඇෆ්ගනිස්ථානයේ නවතම වර්ධනයන් ඉන්දීය සහ ඔස්ට්‍රේලියානු පාර්ශ්ව අතර ප්‍රධාන වශයෙන් සාකච්ඡා වී ඇත.

ත්‍රස්තවාදයට කිසිදු බාධාවකින් තොරව සටන් කිරීමේ වැදගත්කම 9/11 ප්‍රහාරය සිහිගන්වන්නේ යැයි ඉන්දීය විදේශ ඇමති එස්.ජයිශංකර් සිය ඕස්ට්රේලියානු සගයා වන මාරිස් පේන් සමග සාකච්ඡා කිරීමෙන් පසු පැවසීය.

එහිදී ඇෆ්ගනිස්ථානය නැවත කිසි දිනෙක ත්‍රස්තවාදීන් ප්‍රවර්ධනය කිරීම හා පුහුණු කිරීම සඳහා ආරක්ෂිත තෝතැන්නක් බවට පත් නොවන බවට සහතික වීම ඉන්දියාවට සහ ඕස්ට්‍රේලියාවට අවශ්‍ය බව මාරිස් පේන් පැවසීය.



Recommended Articles