9 11 ත්‍රස්ත ප්‍රහාරයට වසර 20ක් - තවමත් නඩු ඇසේ


ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, පෙන්ටගනය ඇතුළු ස්ථාන ඉලක්ක කරගෙන පැහැරගත් මගී ගුවන් යානා යොදා ගනිමින් ලෝකයේ එදාමෙදා තුර සිදුවූ ම්ලේච්ඡතම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන 9/11 ප්‍රහාරයට වසර 20කි

ජීවිත 3,000ක් පමණ අහිමි වූ මෙම ප්‍රහාරයේ වසර 20ක් පමණ ගතවී ඇතත් එම ප්‍රහාරයේ සැලසුම් සහ ක්‍රියාත්මක කළ බවට චෝදනා ලැබූ පුද්ගලයන් පස් දෙනෙකුට එරෙහිව වසර 9ක් පුරා පැවති නඩුවේ පූර්ව නඩු විභාගය තවමත් පැවැත්වෙයි.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසර එකහමාරක කාලයක් පෞද්ගලිකව පැවැත්වූ මෙම නඩු විභාගය ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ පවුල්වල සාමාජිකයන්ට යුක්තිය පසිඳලීමේ අරමුණින් ක්‍රියාත්මක වෙයි.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් පසුව ත්‍රස්තවාදයට එරෙහිව ලොවපුරා හඬක් ඇති වුවද, මේ හරහා මැදපෙරග ඇති වූ අස්ථාවරත්වයන් හේතුවෙන් රාජ්‍යයන් රැසක ලක්ෂ ගණනක් ජීවිත අහිමි වූ අතර, මෙම යුද්ධයන්ට මැදිවූ දහස් ගණන් සොල්දාදුවන්ටද ජීවිත අහිමි විය.

 



Recommended Articles