87 වසකට පසු හෙළිවූ අභිරහස


ලොවවටා පියාසර කිරීමේ උත්සාහයකදී, පැසිෆික් සාගරයට ඉහළින් ගමන් කරමින් සිටියදී අමේලියා ඉයර්හාට්ගේ ඛේදනීය අතුරුදන්වීම වසර 87 කට ආසන්න කාලයක් පුරා ලෝකයක් සෙවූ අභිරහසකි.

ඒ අනුව, එදා මේ ආදරණීය ගුවන් නියමුවරියට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ පිළිතුරු සෙවීම සඳහා මුහුදු පතුලේ සිදුකරන පරීක්ෂණ තියුණු කරන්නට විය.

මුහුදු පතුලේ සිට මතුපිටට ඇති දුර මැනීම සඳහා ශබ්ද තරංග භාවිත කරන සාගර පතුල සිතියම්ගත කිරීමේ මෙවලමක් වන සෝනාර් රූප භාවිත කිරීමෙන් මෙය ඇරඹුණි.

ඒ අනුව, පැසිෆික් සාගරයේ අඩි 16,000ක් ගැඹුරෙහි යම් විෂමතාවක් හඳුනාගැනීමට හැකිවී ඇති අතර, එය කුඩා ගුවන් යානයක් බව තහවුරු වී තිබේ.

පර්යේෂණ සිදුකරන කණ්ඩායම විශ්වාස කරන්නේ ලොවවටා පියාසර කිරීමට උත්සාහ කිරීමේදී ඉයර්හාර්ට් සමග අතුරුදහන් වූ, ඇය ගුවන් නියමුවරියක් ලෙස ගමන් කළ මගීන් 10දෙනෙකුගෙන් යුත් Lockheed 10-E Electra යානය මෙය විය හැකි බවයි.



Recommended Articles