සංස්කෘතිකමය හා ඓතිහාසික වෙනස්කම් සිදුකරමින් 1960 දශකයේදී ලබාදුන් ලිංගික නිදහස කතෝලික සාරධර්ම පරිහානියට ලක්කළ බව හිටපු බෙනඩික්ට් පාප් තුමන් පවසති.
විශේෂ ලිපියක් ප්‍රකාශයට පත්කරමින් වර්තමානයේදී කතෝලික පල්ලිය තුළින්ම මතුවන ලිංගික අපයෝජන සිදුවීම් ගැන කතා කරමින් එතුමන් මෙම අදහස් පළ කර තිබේ.
හෙතෙම සඳහන් කරන්නේ 60 දශකයේදී ලබාදුන් මෙම ලිංගික නිදහස සමලිංගික සේවනය සහ කුඩා දරුවන් අපහරණය කිරීම දක්වා කතෝලික සංස්ථාව තුළ වර්ධනය වූ බවයි.
මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන දේවධර්වාදීන්ද මෙම ලිපිය තුළින් දැඩි විවේචනයකට බඳුන්කර ඇති බව විදෙස් වාර්තා පවසයි.