යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සහ කියෙව් හමුදාවන් සමග ඇමරිකාවේ හදිසි ප්‍රේම සම්බන්ධය, භූ දේශපාලනික වාතාවරණයේ පෙර සගයෙකු වූ සෝවියට් ආඥාදායක ජෝසප් ස්ටාලින් උත්කර්ෂයට නැංවීමේ පැරණි ව්‍යාපාරයක් සිහිගන්වන බව විදෙස් වාර්තා පවසයි.
ඇමෙරිකාව විසින් මේ වනවිට සෙලෙන්ස්කි සහ ඔහුගේ රටේ ආරක්ෂකයන්, දුෂ්ඨ ආක්රමණිකයින්ගෙන් ප්රජාතන්ත්රවාදය බේරා ගැනීමට සටන් කරන නිදහස් සටන්කාමීන් ලෙස පින්තාරු කර තිබේ.
කියෙව් විරුද්ධ පක්ෂ තහනම් කරන විට, මාධ්‍ය ආයතන වසා දමන විට සහ වෙනත් ආකාරයකින් පාලන තන්ත්රය විවේචනය කරන්නන් නිහඬ කරන විට ඒ ඇමෙරිකානු ප්රජාතන්ත්රවාදයම මුනිවත රකින බවද එම වාර්තා පවසයි.