ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර පැවැත්වෙන ඓතිහාසික හමුව වෙනුවෙන් අවශ්‍ය සූදානම් වීමක් ලෙස ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ අද (09දා) ප්යොන්ග්යැග් වෙත ළඟා වී තිබේ.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙම සංචාරයෙන් පසුව දෙරටේ නායක දෙපළ හමුවන දිනය සහ ස්ථානය පිළිබඳ නිවේදනය කරනු ඇති බවද විශ්වාස කෙරෙයි.
මේ අතර, උතුරු කොරියාවේ රඳවා සිටින ඇමෙරිකානු සිරකරුවන් තිදෙනෙකු නිදහස් කරගැනීම සම්බන්ධයෙන්ද මෙම ගමනේදී සාකච්ඡා කෙරෙනු ඇති බව කියයි.
මේ අතර, පසුගිය අඟහරුවාදා දිනයේදී ට්‍රම්ප් ට්විටර් පණිවුඩයකින් පවසා සිටියේ කිම් ජොන්ග් උන් සමග සාකච්ඡාවට ස්ථානය හා වේලාව තීරණය කර ඇති බවයි.
එමෙන්ම, රාජ්‍ය ලේකම් මයික් ට්විටර් පණිවුඩයකින් ඔහුගේ මෙම සංචාරය පිළිබඳව සඳහන් කර තිබුණු අතර, එය උතුරු කොරියානු නායකයාගේ ආරාධනයක් අනුව සිදුවන්නක් බව එහි විය.
ඒ අනුව, ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර වඩාත් සාර්ථක සමුළුවක් සංවිධානය කිරීමට තමන් කටයුතු කරන බවද ඔහු සඳහන් කර තිබුණි.
මෙය ආසන්න කාලසීමාව තුළ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ දෙවැනි උතුරු කොරියානු සංචාරය වීමද විශේෂත්වයකි.