ඇපල් සමාගම විසින් සිය පැරණි මාදිලිවල iPhone දුරකථනවල ක්‍රියාකාරීත්වය හිතාමතා අඩාල කරමින්, ඉහළ තත්ත්වයේ දුරකථනවලට යොමුවීම සඳහා පාරිභෝගිකයන් පොළඹවන ක්‍රියාවක නිරත වන බවට කාලය පටන් නැඟෙන චෝදනාව යළිත් කරළියට පැමිණ තිබේ.
ඒ අනුව, ඇතැම් පැරණි iPhone මාදිලිවල ක්‍රියාකාරීත්වය චේතනාත්මකව අඩුකර ඇති බවට නැඟෙන චෝදනාව අවසන් වශයෙන් පිළිගැනීමට ඇපල් සමාගමට සිදුව ඇති අතර, ඉන් නොනැවතී ඒ සම්බන්ධයෙන් සමාව ගැනීමටද සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙසේ ක්‍රියාකාරීත්වය අඩු දුරකථනවල බැටරි මාරු කරන බව පවසන ඇපල් සමාගම 2018 නව මෘදුකාංගය නිකුත් කරන බවත්, ඒ අනුව පාරිභෝගිකයන්ට සිය දුරකථනවල බැටරි තත්ත්වය පරීක්ෂා කිරිමට හැකියාව ලැබෙන බවත් පවසා සිටී.
එමෙන්ම, මේ ආකාරයෙන් පැරණි බැටරි සහිත ඇතැම් දුරකථනවල ක්‍රියාකාරීත්වය අඩු කිරීමට කටයුතු කළේ එම දුරකථනවල ජීව කාලය දිගු කිරීමට බවද ඇපල් සමාගම තමන් වෙත එල්ල වන චෝදනා සාධාරණීකරණය කරමින් පවසා තිබේ.
මේ තත්ත්වය තුළ iPhone 6 හෝ ඊට පසු දුරකතනයක් ඇති ඕනෑම කෙනෙකුට වගකීමකින් තොරව සිය බැටරි මාරු කිරීමක මිල ඇ.ඩො.79 සිට 29 දක්වා අඩු කරන බව ඇපල් සමාගමේ වෙබ් අඩවිය වැඩිදුරටත් පවසයි.