රටවල් 90ක උද්ඝෝෂණ 800ක් පැවැත්වෙන අතර, දේශපාලඥයන්, ව්‍යාපාරිකයන්, ජනප්‍රිය චරිත මීට සහාය දක්වයි.
International
උ.කොරියානු හමුදා පෙළපාලියට බැලස්ටික් මිසයිල යොදාගෙන නෑ
ට්‍රම්ප් සහ කිම් අතර පසුගිය ජුනි මාසයේ පැවති හමුවෙන් අනතුරුව සිදුවූ වෙනසක් විය හැකි යැයි විචාරකයෝ කියති.
ඔස්ට්‍රේලියාවේ නිවසක තිබී මළ සිරුරු 5ක් පොලීසිය සොයාගනී
මියගිය අය අතර කාන්තාවන් සහ කුඩා දරුවන්ද සිටින අතර, සිද්ධිය සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට.
අලිබබා හි ජැක් මා සභාපති ධුරය අත්හැර ඉගැන්වීමට යොමු වෙයි
අලිබබා ප්‍රධානියා වීමට වඩා ඉගැන්වීම් ක්ෂේත්රයෙන් තමාට වැඩි දෙයක් කළ හැකි බව හිටපු ඉංග්‍රීසි ගුරු ජැක් මා කියයි.
උ. කොරියාව හමුදා සංදර්ශනයකට සහ ජන ක්‍රීඩා උළෙලකට සැරසෙයි
මෙවැනි හමුදා සංදර්ශනවලදී ඔවුන්ගේ බැලස්ටික් මිසයිල පවා ලෝකය හමුවේ නිරාවරණය වීම විශේෂත්වයකි.
ස්වීඩන් මහ මැතිවරණය ඇරඹේ සංක්‍රමණික අර්බුදය මූලික වෙයි
මෙවර මැතිවරණයේදී සංක්‍රමණ විරෝධී ස්වීඩන් ප්‍රජාතන්ත්‍රික පක්ෂය වෙත වැඩි ආසන සංඛ්‍යාවක් හිමිවනු ඇත.
හොක්කයිඩෝ භූ කම්පනය සමග නායයෑම්වලින් අතුරුදන් අය සොයති
ස්වභාවික විපත නිසා මියගිය පිරිස 16 දක්වා ඉහළට, මිලියන 1.6ක ජනතාව තවමත් අඳුරේ, පිරිසක් අවතැන් කඳවුරුවල.
ටෙස්ලා සමාගම් ප්‍රධානී මස්ක්ගේ කංසා සෙල්ලමෙන් සමාගම වැටේ
එලොන් මස්ක්ගේ නොමනා හැසිරීම් සමග සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලයන් දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වේ.
බොල්සොනාරෝ පහර කෑ පිහි ඇණුමෙන් දරුණු රුධිර වහනයක්
බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික ජනපති අපේක්ෂකයා රෝහල්ගතව ක්‍රමයෙන් සුවය ලබන බව වෛද්‍යවරු පවසති.
අරියානාව ප්‍රසිද්ධියේම ස්පර්ශ කළ ඇමෙරිකානු බිෂොප් සමාව ඉල්ලයි
අරියානා දැඩි අපහසුතාවකට පත්ව සිටි බව ඇගේ ශරීර ඉරියව් අනුව පෙන්නුම් කෙරුණත් ඇය එය ඉවසා දරා සිට ඇත.
බාල වයස්කරුවන්ගේ පරිගණක ක්‍රීඩා ඇබ්බැහියට චීනය වැට බඳී
ලෝකයේ විශාලතම පරිගණක ක්‍රීඩා වෙළෙඳ පොළ ඇති චීනය තුළ මෙවැනි පියවරක් ගැනුණු ප්‍රථම අවස්ථාව මෙයයි.
සමලිංගික සේවනය ඉන්දියාව තුළ තවදුරටත් අපරාධයක් නොවෙයි
සමලිංගික සේවනය අස්වාභාවික අපරාධයක් ලෙස සැලකුණු නීතිය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දමමින් එය නීතිගත කරයි.
ජෙබී කුණාටුවෙන් බැට කෑ ජපානය ප්‍රබල භූ කම්පනයකින්ද සෙලවී යයි
රික්ටර් පරිමාණ 6.7ක් ලෙස සටහන් වූ භූ කම්පනය හේතුවෙන් ජීවිත 2ක් අහිමිව තවත් 40ක් අතුරුදන් වෙලා.
කාබුල් රෙස්ලින් ක්‍රීඩා සංකීර්ණයක මරාගෙන මැරෙන ප්‍රහාර ද්විත්වයක්
බෝම්බ ප්‍රහාර ද්විත්වයෙන් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 70කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.
ඉන්දීය රාජකීයයන්ට අයත් රත්රන් කෑම බඳුනක් සොරාගෙන ගිහින්ලු
මෙම සම්පූර්ණ භාජනවල බර කිලෝග්‍රෑම් 3ක් පමණ වන අතර, ඒවායෙහි මිල ඇ.ඩො.මිලියන 7ක් බව විශ්වාස කෙරෙයි.
ඇම්ස්ටර්ඩෑම් පිහි ප්‍රහාරකයා ඇෆ්ගනිස්තාන සරණාගතයෙක්
ජර්මනියේ සිට ප්‍රහාරයට දින දෙකකට පෙර නෙදර්ලන්තයට පැමිණි ඔහු ජිහාඩ් අන්තවාදය වැළඳ ගත් අයෙක්ලු.
ජෙබී සුළි කුණාටුව නිසා ජීවිතහානි 10ක් - තවත් 300ක් තුවාල ලබලා
ගුවන් යානා, දුම්රිය සහ පාලම්පාරු රැසක් සිය ගමනාගමනය අවලංගු කර ඇත. ඔසාකා ගුවන් තොටුපළේ දහස් ගණනක්.
චීන පෙර පාසලක පෝල් ඩාන්ස් නැටුමකින් දෙමවුපියෝ කැලඹෙති
කුඩා දරුවන් සිටින ස්ථානයක මෙවැනි අනඟ රංගනයක් පෙන්වීම සම්බන්ධයෙන් එම පෙර පාසලේ බලධාරීන්ට චෝදනා.
වසර 25කින් ජපානය මුහුණදෙන ප්රබලතම කුණාටුව ජෙබී කඩාවදී
විශාල මුහුදු රළ නැගීම්, ගංවතුර හා නායයෑම් තත්ත්වයන් පිළිබඳ අනතුරු ඇඟවීම්. දස දහස් ගණනකට විදුලිය නෑ.
ගින්නෙන් දැවුණු කෞතුකාගාරය සඳහා බ්‍රසීල ජනපති ආධාර පතයි
රියෝ ද ජැනීරෝ මානව විද්‍යා ජාතික කෞතුකාගාරයේ තිබූ 90%කට වැඩි කෞතුක භාණ්ඩ ගින්නෙන් විනාශ වෙලා.
දැඩි ගංවතුරෙන් පීඩාවිඳි කේරළ ප්‍රාන්තය මී උණ නිසා බැට කයි
ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ පුද්ගලයන් 11 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
හක්ඛානි ත්‍රස්ත ජාලයේ ආදිකර්තෘ අසනීප තත්ත්වයෙන් පසුව මරුට
තලේබාන් සහ අල්-කයිඩා ත්‍රස්ත සංවිධාන සමග සෘජු සබඳතා පැවැත්වූවෙකු ලෙස ජලාලුදීන් හක්ඛානි සැලකෙයි.
සමලිංගික සේවනයට උත්සාහ කළ මැලේසියානු යුවතියන්ට කස පහර
වයස අවුරුදු 22 සහ 32 අතර වයසේ පසුවූ මෙම තරුණියන් දෙදෙනාට ෂරියා උසාවියේදී කස පහර 6 බැගින් ලබාදී ඇත.
පෙම්වතිය ඝාතනය කළ ඇෆ්ගන් සරණාගත තරුණයාට සිර දඬුවම්
පෙම්වතිය ඔහු හැරයාම හේතුවෙන් පළිගැනීමක් ලෙස මෙම මරණය සිදුකර ඇති බව අභිචෝදකයෝ විශ්වාස කරති.
ඔස්ට්‍රේලියානු ABC වෙබ් විකාශය අත්හිටුවීමට චීනය කටයුතු කරයි
ABC වෙබ් අඩවිය මගින් රටේ නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව චීනයේ නියාමකයන් දැනුම් දී තිබේ.
බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරයේ ගින්නක් -එහි භාණ්ඩ මිලියන 20ක්
මෙම කෞතුකාගාරය තුළ ඇමෙරිකාවෙන් සොයාගත් පැරණිතම මානව කොටස්ද පවතින බව කියයි.
ජෝන් මැකේන්ගේ ඇමෙරිකාව කොහොමත් ශ්‍රේෂ්ඨයි - දියණිය
ඇමෙරිකානු සෙනට් සභික ජෝන් මැකේන් අවු.81ක් ආයු වළඳා පසුගියදා අභාවප්‍රාප්ත වූයේ මොළයේ පිළිකාවක් නිසාය.
ත්‍රස්තවාදය පාලනයට පාකිස්තානය අපොහොසත් නිසා ආධාර කැපෙයි
පාකිස්තානයට ලබාදීමට තිබූ ඇ.ඩො.මිලියන 300ක ඇමෙරිකානු ආධාර කපා හරින බව පෙන්ටගනය කියයි.
සෝමාලියාවේ අගනුවර මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයක්
බෝම්බය පිපිරීමත් සමග පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පාසල් සිසුන් පිරිසක්ද තුවාල ලබයි. තිදෙනෙකු ජීවිතක්ෂයට.
උල්කාෂ්මයක් වැදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුරක්
ගගනගාමීන් වහා එම සිදුර වසා දැමීමට පියවර ගත්තද, මීට වඩා සවිමත් අලුත්වැඩියාවක් අවශ්‍යද යන්න සොයා බැලෙයි.