නුදුරේදීම දකුණු කොරියාවේ සෝල් අගනුවර වෙත සංචාරයක නිරත වීමට අදහස් කරන බව කිම් ජොන්ග්-උන් පවසයි.
International
නවාස් ෂරීෆ් සහ දියණියට නිදහස් කරන ලෙස අධිකරණ නියෝගයක්
දූෂණ චෝදනා මත වසර 10ක සිර දඬුවමකට යටත් වූ හිටපු පාකිස්තාන අගමැතිවරයා හා දියණිය නිදහස ලබයි.
රුසියානු හමුදා ගුවන් යානයක් සිරියානු කලාපයේදී අතුරුදන්
Il-20 වර්ගයේ හමුදා ගුවන් යානය අතුරුදන් වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 14 දෙනෙකු ගමන් කරමින් සිට ඇත.
ද.කොරියානු නායකයා ඓතිහාසික සාකච්ඡාවකට උ.කොරියාවට එයි
කිම් ජොන්ග්-උන් සහ මූන් ජේ-ඉන් අතර මේ වසරේ සිදුවන තෙවැනි සාකච්ඡාව න්‍යෂ්ටිකහරණ වැඩපිළිවෙළ ගැනයි.
ඇමෙරිකාව ඩො.බිලියන 200ක චීන භාණ්ඩ සඳහා අලුතින් බදු ඉහළ දමයි
ඉහළ දැමූ ආනයන බදු චීනයෙන් ගෙන්වන භාණ්ඩ 6,000කට අදාළ වන අතර, එය මෙතෙක් සිදුකළ ප්රමුඛ ඉහළ නැංවීමයි.
මැන්ග්ඛුට් ඇති කළ නායයෑම් පිලිපීනයේ ජීවිත රැසක් බිලිගනී
පතල් කර්මාන්තයට ප්‍රසිද්ධියක් උසුලන බෙන්ග්වෙට් පළාතේ, ඉටොගොන් හි නායයෑම්වලින් 32ක් ජීවිතක්ෂයට.
ව්‍යාජ සහතික ඉදිරිපත්කළ නයිජීරියා මුදල් ඇමතිනිය ධුරයෙන් ඉවත් වෙයි
නයිජීරියානු තරුණ තරුණියන් තම උපාධිය ලබාගැනීමට පෙර අනිවාර්යයෙන් වසරක තරුණ සේවා වැඩසටහන සම්පූර්ණ කළ යුතුය.
පිලිපීනයට බැටදුන් මැන්ග්ඛුට් දකුණුදිග චීනයට කඩා පනියි
පැයට කිලෝමීටර් 162 ඉක්මවන වේගවත් සුළං දහරාවක් සමග පැමිණෙන කුණාටුව නිසා පිලිපීනයේ මරණ රැසක්.
හිටපු ඊජිප්තු ජනපති මුබාරක් පුතුන් කොටස් වංචාවක අත්අඩංගුවට ගනී
ආලා සහ ගමාල් මුබාරක් ඇතුළු තවත් තිදෙනෙකු ඊජිප්තු පවුම් බිලියන 2ක වංචාවක් සිදුකර ඇති බවට චෝදනා.
මූල්‍ය වංචාවකට එල් සැල්වදෝර් හිටපු ජනපති වසර 10ක් හිරේට
හිටපු ජනපති අන්තෝනියෝ සාකා මූල්‍ය වංචා සහ කළු සල්ලි ජාවාරම් කිරීමේ චෝදනා යටතේ වැරදිකරු වෙයි.
ඇමෙරිකාවට පැමිණි ෆ්ලොරන්ස් ජීවිත 12ක් බිලිගනී - තවම ගංවතුර
බොහෝ නගරවල තවමත් අඩි 2ක ඉක්මවූ ජලය රැඳී ඇති අතර, සමස්තයත් ලෙස අඩි 3.5ක පමණ ජල මට්ටම් ඉහළ යනු ඇත.
පිලිපීනයට බලපෑ මැන්ග්හුට් කුණාටුව ජීවිත 25ක් බිලිගනී
එරට කෘෂිකාර්මික අතින් සමෘද්ධිමත් ප්‍රදේශයක් ලෙස සැලකෙන කගායන් පළාතේ වගාබිම් රැසකට හානි සිදුවෙයි.
ලොව ජීවත් වූ විශාලතම පක්ෂියා අතුරුදන් වීමේ වරදත් මිනිසාටම
එළිෆන්ට් බර්ඩ් හෙවත් ලොව ජීවත් වූ විශාලතම පක්ෂියා ලොවෙන් තුරන් වීම සම්බන්ධයෙන් අලුත් මතයක් ඉදිරිපත් වෙයි.
ලොව පුරා පිළිකා රෝගීන්ගේ වැඩිවීමක් - IARC වාර්තාවකිනි
පිළිකා වර්ගවලින් අඩක් සහ වැඩිම පිළිකා මරණ සංඛ්‍යාවක් මෙම වසරේ වාර්තා වන්නේ ආසියානු කලාපයෙනි.
ෆ්ලොරන්ස් බැට දෙමින් එක්සත් ජනපදයේ උ.කැරොලීනාවට වදී
ඉදිරි දින තුන හතර තුළ මාස 8ක සාමාන්‍ය වර්ෂාපතනයක් උතුරු කැරොලීනා ප්‍රාන්තය ලබනු ඇති බව පැවසෙයි.
සුපිරි සුළි කුණාටුව මැන්ග්ක්හුට් මඬින්න පිලිපීනය සූදානම් වෙයි
පැයට කිලෝමීටර් 255 ඉක්මවන සුළං ධාරාවක් සමග මිලියන 5ක ජනතාවක් ජීවත් වන මාර්ගය වෙත කුණාටුව ඇදෙයි.
ගෑස් කාන්දුවක් නිසා බොස්ටන්හි නිවාස රැසක පිපිරීම් හා ගිනිගැනීම්
ගිනි නිවන හමුදා ප්‍රධානියා පවසා සිටියේ තමන්ගේ 39 වසරක සේවා කාලය තුළ මෙවැනි ගිනි ගැනීම් තත්ත්වයක් නොදුටු බවයි.
පිලිපීනය වෙතත් 2018 වසරේ ප්රබලතම සුළි කුණාටුව ඇදී එයි
දකුණුදිග චීනය දක්වා වූ වෙරළබට කලාපයේ මිලියන 10ක ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරවා තිබේ.
ඇපල් සමාගම නවතම iPhone X දුරකථන මාදිලි හඳුන්වා දෙයි
Apple iPhone XS, iPhone XS Max, iPhone XR සහ Smartwatch මෙම නවතම හඳුන්වාදීම් අතර එළිදැක්වේ.
කැරොලීනාවට වදින මයික් ටයිසන් මුෂ්ටි ප්‍රහාරයක් නිසා ජනයා ඉවතට
එදාමෙදා තුර ඉතිහාසයේ කැරොලිනා ඇතුළු ඇමෙරිකානු ප්‍රාන්ත කිහිපයට ඇදෙන ප්රබලතම සුළි කුණාටුව, ෆ්ලෝරන්ස්.
චීනයේ ජනාකීර්ණ වීදියකට කඩා වැදුණු රථයක් නිසා 9ක් මරු දකියි
හුනාන් පළාතේදී සිදුවූ මේ ඛේදවාචකයෙන් තවත් පුද්ගලයන් 43ක් තුවාල ලබා ඇති අතර, සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ.
ඇෆ්ගනිස්තාන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 68ක් මරුට
ආසන්න කාල සීමාවේදී ඇෆ්ගනිස්තානය තුළ සිදුවූ අතිශය ම්ලේච්ඡම ප්‍රහාරයෙන් තවත් 165ක් තුවාල ලබයි.
ලූලා මැතිවරණ තරගයෙන් ඉවත්ව පක්ෂයේ අපේක්ෂකයාට සහාය දෙයි
බ්‍රසීලයේ හිටපු ජනපති ලූලා ඉනාසියෝ ද සිල්වා දූෂණ චෝදනා යටතේ මේ වනවිට බන්ධනාගාරගතව සිටියි.
හිටපු පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි
ලන්ඩනයේදී පිළිකා රෝගී තත්ත්වයකට හා හෘදයාබාධයකට ප්‍රතිකාර ලබමින් සිටි කුල්සූම් නවාස්ගේ වයස අවු.68කි.
කිම් ජොන්ග්-උන් තවත් හමුවකට ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කරයි
නව හමුව සඳහා දින සහ ස්ථාන වෙන්කර ගැනීමට ඇමෙරිකාව උනන්දුවෙන් පසුවන අතර, මෙය යහපත් ප්‍රතිචාරයක් බව කියැවේ.
ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ කරා බිහිසුණු ෆ්ලෝරන්ස් ඇදී එයි
දශක කිහිපයකින් පසුව මෙම කලාපයට ඇතුළු වන ප්රබලතම සුළි කුණාටුව මෙය විය හැකි බව විශ්වාස කෙරෙයි.
ලිබියාවේ ට්‍රිපෝලි තෙල් සංස්ථාවට ආයුද සන්නද්ධ පිරිසක් කඩා වැදිලා
පසුගිය සතියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි සටන් කණ්ඩායම් වෙත අගනුවර සටන් විරාමයකට ආරාධනා කළේය.
තවත් වසරකින් විශ්‍රාම යන බව අලිබබා සභාපති ජැක් මා කියයි
2019 සැප්තැම්බර් 10දා සිට සමාගමේ විධායක සභාපති ධුරයට වත්මන් ප්‍රධාන විධායක ඩැනියෙල් සැන්ග් පත්වෙයි.
පැරිසියේදී ඇෆ්ගන් ජාතිකයා සිදුකළ පිහි ප්‍රහාරයකින් 7ක් තුවාල ලබති
ප්‍රහාරකයා මෙල්ල කරගැනීම සඳහා අසල පීටන්ක්යු පන්දු ක්‍රීඩාවේ යෙදුණු පරිස් එම පන්දුවලින් ඔහුට දමා ගසති.
මෝල්ඩෝවා ජනපති ගමන්ගත් රථ පෙළ අනතුරක - ජනපතිට තුවාල
ඉදිරියෙන් පැමිණි ලොරි රථයක් තවත් රථයකට ඉස්සර කිරීමට යාමේදී එය ජනපති රැගත් රථ පෙළෙහි ගැටී ඇත.