ඊශ්‍රායලය තුළ සති කිහිපයකට පෙර කොවිඩ්-19 ආසාදන දෙවැනි රැල්ලක් ආරම්භ වී ඇති බව ඊශ්‍රායලයේ සෞඛ්‍ය අමාත්‍ය එඩෙල්ස්ටයින් අනතුරු ඇඟවීය.
නැවත රට විවෘත කිරීම ආරම්භ කර සති කිහිපයකට පසු ඊශ්‍රායලයේ නව ආසාදන සංඛ්‍යාව දිනකට 500කට වඩා වැඩි වී තිබීම අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශයක් කිරීමට හේතුවයි.
මැයි මැද භාගයේදී දිනකට ආසන්න වශයෙන් නව ආසාදන 20ක් පමණ ඇති වූ අතර සමහර විට එම සංඛ්‍යාව තනි ඉලක්කමක් දක්වා අඩුවූ අවස්ථාද විය.
කොවිඩ්-19 ගැන කිසිවෙකු බැරෑරුම් ලෙස නොසිතන බව එඩෙල්ස්ටයින් කෝපයෙන් පවසා සිටියේය.
"සමහර අය කියනවා මට ඇහිල තියෙනවා. ඇයි ඔච්චර ඔය වෛරසයට බය වෙන්නෙ. වයසක අය කිහිප දෙනෙක් මැරෙයි. ඉතින් මොනවා කරන්නද? මේ වගේ සිතන ඕනෑම කෙනෙකුට මම කියන්නෙ, ඔබේ ඔය කතා කරන මහලු අය අතර ඔබේ මව හෝ පියා, සීයා හෝ ආච්චි ගැන සිතන්න, "එඩෙල්ස්ටයින් වැඩිදුරටත් පැවසීය.