වායු දූෂණයට එරෙහිව ප්‍රබල පියවරක් ඔසවමින් බ්‍රිතාන්‍යය තුළ වර්ෂ 2040 න් පසුව නව ඩීසල් සහ පෙට්‍රල් කාර් සහ වෑන් තහනම් කිරීම සඳහා රජය සූදානම් වෙයි.
මේ අතර, බ්‍රිතාන්‍ය තුළ වායුගෝලයේ ගුණත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් වැය කරන ස්ටර්ලිං පවුම් බිලියන 3ක අරමුදලේ කොටසක් ලෙස ඩීසල් වාහනවලින් පිටවන අහිතකර වායු විමෝචනය පාලනය කිරීම වෙනුවෙන් තවත් ස්ටර්ලිං පවුම් මිලියන 255ක අරමුදලක් පිහිටුවීමටද බ්‍රිතාන්‍ය අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.
එමෙන්ම, තවත් නොබෝ දිනකින්ම බ්‍රිතාන්‍යයේ පිරිසුදු වායුගෝලීය ප්‍රතිපත්තිය එළිදැක්වීමට රජය බලාපොරොත්තු වන අතර, එහිදී විද්‍යුත් මෝටර් රථ සඳහා වැඩි අවස්ථාවක් ලබාදී ඇති බවද කියැවෙයි.
මේ අතර, ක්‍රියාධරයන් පවසන්නේ මෙම නියමයන් පොරොන්දුවලට පමණක් සිමා නොකර, ඒවා පිළිබඳ සවිස්තර තොරතුරු අවශ්‍ය බවයි.
එහිදී, රට තුළ පිරිසුදු වාතාශ්‍රාය සහිත කලාප ඇති කිරීම මෙන්ම, ඒ වෙත වායු විමෝචනය ඉහළ මට්ටමක වූ මෝටර් රථ ඇතුළු වන්නේ නම් එම රථවලින් මුදලක් අය කිරීම ගැනද ක්‍රියාධරයන් පෙන්වා දී තිබේ. එය ගුවන්යානාවලටත් පොදු බවද ඔවුහු පවසති.