වර්ෂ 2040 වනවිට ප්‍රංශය තුළ ඩීසල් සහ පෙට්‍රල්වලින් ධාවනය කෙරෙන සියලුම රථ අලෙවිය තහනම් කරමින් හරිත විප්ලයක් සිදුකිරීමට එරට රජය සූදානම් වෙයි.
මෙම නව වැඩපිළිවෙළ එරට පරිසර අමාත්‍ය නිකොලා හූලෝ නිවේදනය කළ අතර, එය පැරීසියේ පරිසර සම්මුතිය වෙත ඔවුන්ගේ කැපවීම පෙන්නුම් කරන වැඩපිළිවෙළෙහි කොටසක් බවද සඳහන්ව තිබේ.
ඒ අනුව, ප්‍රංශය සූදානම් වන්නේ වර්ෂ 2050 දී කාබන් විමෝචනයෙන් මුක්ත රාජ්‍යයක් බවට පත්වීම බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
මේ වනවිට එරට මෝටර් රථ කර්මාන්තයේ දෙමුහුන් හෙවත් හයිබ්‍රිඩ් රථ 3.5%ක් පමණ වන අතර, විදුලි මෝටර් රථ 1.2%ක් පමණ වෙයි.
මේ තත්ත්වය තුළ පැරණි මෝටර් රථවලින් ඉවත්වීම සඳහා දිළිඳු පවුල් වෙත විශේෂ මූල්‍ය සහනයක් ලබාදෙන බවද නව පරිසර ඇමතිවරයා අවධාරණය කර තිබේ.
නමුත්, වත්මන් පරිසර අමාත්‍යවරයා පරිසරය වෙනුවෙන් දැඩිව පෙනී සිටින්නෙකු ලෙස ප්‍රකට වන අතර, ඔහු වත්මන් ජනපති මැක්රෝන් විසින් පරිසර අමාත්‍යවරයා ලෙස පත්කර ඇත්තේම ඒ නිසා බවද සඳහන් වෙයි.