2027 චීනයට නවීන හමුදාවක් උරුම වෙනවා - චීන ජනපති


චීන සන්නද්ධ හමුදාවේ සියවස් ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා වැඩි උත්සාහයක් ගන්නා ලෙස චීන කොමියුනිස්ට් පක්ෂයේ, මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් සහ මධ්‍යම හමුදා කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති ෂී ජින්පිං චීන හමුදා දිනයට සමගාමීව අවධාරණය කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ අධ්‍යයන සැසියකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබුණි.

පසුගිය වසරේ නිකුත් කරන ලද 19 වැනි චීන කොමියුනිස්ට් පක්ෂයේ, මධ්‍යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසිවාරයේ ප්‍රකාශයට අනුව, රටේ ජාතික ආරක්‍ෂක හැකියාවන් සහ ආර්ථික ශක්තිය ශක්තිමත් කළ යුතු අතර 2027 වනවිට නවීන හමුදාවක් ගොඩනැගීමේ සියවස් ඉලක්කයට ළඟාවිය යුතුය.

පක්ෂයේ ඉතිහාසය සමාලෝචනය කරමින් ෂී කියා සිටියේ හමුදාවන්ගේ දියුණුව ප්‍රවර්ධනය කිරීම සඳහා මහජන විමුක්ති හමුදාව වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂය සිය පරම නායකත්වය තහවුරු කළ යුතු බවයි.

ශක්තිමත් ආරක්‍ෂිත හමුදාවක් සමග සමෘද්ධිමත් රටක් ගොඩනැගිය යුතු වන්නේ රටක් ආරක්‍ෂිත හා ස්ථාවර කිරීමට බලවත් හමුදාවකට පමණක් හැකි බැවින් යැයි ෂී ජනාධිපතිවරයා පැවසීය.

"ඉදිරි වසර පහ තුළ ජාතික ආරක්‍ෂාව සහ ත්‍රිවිධ හමුදාව නවීකරණය කිරීමේදී සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගනු ඇති" 14 වැනි පස් අවුරුදු සැලැස්මේ (2021-2025) දක්වා ඇති උපායමාර්ගික විධි විධානයන් අනුව මෙම කාලය තුළ ආර්ථිකයේ සහ සමාජයේ දියුණුව සඳහා වූ ප්‍රධාන ඉලක්ක සපුරා ගැනීමට උත්සාහයන් ගත යුතු බව චීන නායකයා වැඩිදුරටත් පැවසීය. 



Recommended Articles