2024 න් පසු රුසියාව ISS වෙතින් ඉවත් වීමට සූදානම්


රුසියාව 2024 න් පසු බටහිර රටවල් සමග ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) ව්‍යාපෘතියෙන් ඉවත් වන බව එරට අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් රොස්කොස්මොස් හි නව ප්‍රධානී යූරි බොරිසෝව් පවසයි.

කෙසේ වෙතත්, ISS ව්‍යාපෘතියේ කොටසක් ලෙස විදේශීය හවුල්කරුවන්ට සිය සියලු බැඳීම් ඉටු කිරීමට මොස්කව් අදහස් කරයි.  නමුත් 2024 න් පසු මෙම ස්ථානයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව බොරිසොව් ක්‍රෙම්ලිනයේ පැවති රැස්වීමකදී පැවසීය.

"මම හිතන්නේ, ඒ වනවිට අපි රුසියානු කක්ෂීය අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීමට පටන් ගන්නවා" රුසියානු අභ්‍යවකාශ ප්‍රධානියා වැඩිදුරටත් පැවසීය.

බොරිසොව්ගේ දැක්මට අනුව, රුසියාවේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ගුවන් ගමන් ක්‍රමානුකූල විද්‍යාත්මක වැඩසටහනක කොටසක් විය යුතු අතර, එවිට සෑම මෙහෙයුමක්ම රටට නව දැනුමක් ලබාදීමකි.



Recommended Articles