2023 වසරේ ස්පාඤ්ඤයේ වාර්තා වන ප්රථම ලැව්ගින්න වැලෙන්සියා කලාපයේ පැතිර යන අතර, එය මෙම වසරේ ලැව්ගිනි තත්ත්වය ගැන කල්තියා අනතුරු ඇඟවීමක් බවට කාලගුණ අංශ අනතුරු අඟවයි.
මේ වනවිටත් ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් වර්ග කිලෝමීටර් 30ක් විනාශ වී ඇති අතර, මෙම ආපදා තත්ත්වය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන ගුවන් යානා 18ක් යොදවා ඇති බවද කියයි.
එමෙන්ම, ආසන්න ප්රදේශවල ජීවත් වන 1,500කට වැඩි පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බවද බලධාරීන් සඳහන් කරයි.
පසුගිය වසර ස්පාඤ්ඤය ලැව්ගිනි තත්ත්වය වඩාත් දරුණු වූ අතර, මෙම වසරද ඒ හා සමාන වනු ඇති බවට සැක පහළ කෙරෙයි.