2022 ශීත ඔලිම්පික් ගම්මානය ජනවාරි 27 බීජිං හිදී විවෘතයි


බීජිං 2022 ශීත ඍතු ඔලිම්පික් ගම්මානය ජනවාරි 27 වැනි දින නිල වශයෙන් විවෘත කරන බව බීජිං 2022 විධායක උප සභාපති ෂැන්ග් ජියාන්ඩොං නිවේදනය කළේය.

ඒ අනුව ඔලිම්පික් ගිනි සිළුව රැගෙන ධාවනය කිරීම පෙබරවාරි 2දා ආරම්භ වේ.

එමෙන්ම 2022 ශීත ඍතු ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් ක්‍රීඩා සඳහා පදක්කම් එළිදැක්වීමද සිදුව ඇත.

මෙම පදක්කම් "ටොන්ග්ෂින්" ලෙස හඳුන්වනු ලබන අතර, එහි අර්ථය "එක්ව එකකු ලෙස" යන අර්ථය ඇති අතර, අහස, පොළොව සහ මිනිසුන් අතර සහජීවනයේ සම්ප්‍රදායික චීන දර්ශනය මූර්තිමත් කරන කේන්ද්‍රීය වළලු පහකින් සමන්විත වේ.

අවට කට්ට වළලු, ක්‍රීඩා නිල මාතෘකාව වන "XXIV ඔලිම්පික් ශීත ඍතු ක්‍රීඩා බීජිං 2022" ලෙස කැටයම් කර ඇති අතර, වලාකුළු සහ හිම පියලි රටා සමග පදක්කම්වල පිටත වළල්ල සැරසිලිවලින් තොරය.

පද්ක්කම පසුපස බීජිං 2022 ලාංඡනය ඇත, ක්‍රීඩාවල නිල නාමය පහතින් චීන භාෂාවෙන් කැටයම් කර ඇත.



Recommended Articles