ලෝකයම එකට එකතු වී ඉදිරි වසර තුළ කොවිඩ්-19 වසංගතය අවසන් කිරීමට අවශ්‍ය දුෂ්කර තීරණ ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානී ටෙඩ්රොස් අද්නොම් ගෙබ්‍රයෙසුස් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
"2022 අපි වසංගතය අවසන් කරන වසර විය යුතුයි" ඔහු ජිනීවා හිදී වාර්තාකරුවන්ට පැවසීය.
ඔමික්‍රෝන් ප්‍රභේදය තවමත් ප්රමුඛ ප්‍රභේදය වන ඩෙල්ටා ප්‍රභේදයට වඩා දරුණු නොවන බවට ඇඟවුම් තිබුණත්, ඔමික්‍රෝන් ප්‍රභේදය එන්නත් සඳහා තරමක ප්‍රතිරෝධයක් සහ ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් ඇති බව මුල් දත්තවලින් පෙන්වා දී ඇති බව ටෙඩ්රොස් වැඩිදුරටත් පැවසීය.
මෙම සටන ජයගැනීමට නම් එන්නත්කරණය මෙන්ම, දැනටමත් සිදුකරන මුඛ ආවරණ පැලඳීම, දෑත් නිතර පිරිසිදු කිරීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම යන මහජන සෞඛ්‍ය පුරුදුවල යෙදීමේ වැදගත්කම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු වසංගත රෝග පිළිබඳ ලොවපුරා විශේෂඥයන් අවධාරණය කරයි.