චීන ජනාධිපති ෂී ජින්පිං ජනවාරි 17 වන දින බීජිං නුවර සිට ලෝක ආර්ථික සංසදයේ (WEF) අතථ්‍ය අවස්ථාවට සහභාගී වන බවත්, ලෝක ආර්ථික සංසදයේ විධායක සභාපති ක්ලවුස් ෂ්වාබ්ගේ ආරාධනයෙන් වීඩියෝ සබැඳිය හරහා ෂී උත්සවයේ දේශනයක් පවත්වන බවත් චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙම සංසදය ෂී ජින්පිං විසින් අමතන තෙවැනි අවස්ථාව මෙය වෙයි. පසුගිය 2021 වසරේ ජනවාරි මාසයේදීද වීඩියෝ සබැඳිය හරහා විශේෂ දේශනයක් සිදුකළ චීන චීන ජනාධිපතිවරයා, බහුපාර්ශ්විකවාදය වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු 2017 දී ස්විට්සර්ලන්තයේ ඩාවෝස් උත්සවයට සහභාගී වූ අතර, එහිදී ඔහු ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කළ අතර, ඔහුගේ ප්‍රධාන දේශනයේදී ආරක්ෂණවාදයට එරෙහිව අනතුරු ඇඟවීය.
ලෝක ආර්ථික සංසදයේ වෙබ් අඩවියට අනුව, ජනවාරි 17දා සිට 21දා දක්වා පැවැත්වෙන පැවැත්වෙන 2022 අතථ්‍ය සමුළුවට ලෝකයේ රාජ්‍යයන් සහ රජයේ ප්‍රධානීන්, ප්‍රධාන විධායක නිලධාරීන් සහ අනෙකුත් නායකයින් සම්බන්ධ වන අතර, එහිදී ඔවුන් වර්තමාන ලෝකය මුහුණ දෙන තීරණාත්මක අභියෝග සහ ඒවාට ආමන්ත්‍රණය කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කරනු ඇත.