2022 දී සන්නද්ධ ගැටුම්වලදී ළමයි 18,890කට හානි වෙලා


2022 දී සන්නද්ධ ගැටුම්වලදී ළමයින්ට එරෙහිව බරපතල උල්ලංඝනයන් 27,180 ක් තහවුරු කර ඇති අතර, එය තත්ත්වයන් 24 කදී ළමයින්ට සිදුවූ හානි 18,890ක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

බරපතල උල්ලංඝනය කිරීම් 27,180 න් 2022 දී 24,300 ක් සිදු කර ඇති අතර 2,880 ක් මීට පෙර සිදු කර ඇති නමුත් 2022 දී සත්‍යාපනය කර ඇත.

බලපෑමට ලක් වූ ළමයින් 18,890න් 13,469ක් පිරිමි ළමයින්, 4,638ක් ගැහැණු ළමයින් සහ 783ක් ලිංගික තත්ත්වය නොදන්නා ළමයින් බව එක්සත් ජාතීන්ගේ එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

වැඩිම උල්ලංඝනය කිරීම් සංඛ්‍යාව වන්නේ ළමයින් 8,631ක් ඝාතනය කිරීම සහ ආබාධිත තත්ත්වයට පත් කිරීම, පසුව ළමයින් 7,622ක් සන්නද්ධ ගැටුම්වලට බඳවා ගැනීම සහ භාවිත කිරීම සහ ළමවින් 3,985ක් පැහැර ගැනීම ය. 



Recommended Articles