2022 වසරේ උණුසුම් කාලගුණය හේතුවෙන් මේ වනවිට යුරෝපයේ අවම වශයෙන් පුද්ගලයින් 15,000ක් මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එහිදී, ස්පාඤ්ඤය සහ ජර්මනිය යන රටවල් මෙම උණුසුම් කාලගුණික තත්ත්වයේ දරුණුතම බලපෑමට ලක් වූ රටවල් අතර වේ.
"මෙතෙක් ඉදිරිපත් කර ඇති රටේ දත්ත මත පදනම්ව, 2022 දී උණුසුම් තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 15,000ක් මිය ගිය බව ඇස්තමේන්තු කර තිබෙනවා" WHO හි යුරෝපයේ කලාපීය අධ්යක්ෂ හාන්ස් ක්ලූගේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
"ස්පාඤ්ඤයේ මරණ 4,000කට ආසන්න ප්‍රමාණයක්, පෘතුගාලයේ 1,000කට වඩා, එක්සත් රාජධානියේ 3,200කට වඩා, සහ ජර්මනියේ මරණ 4,500ක් පමණ ග්‍රීෂ්ම මාස 3 තුළ සෞඛ්‍ය බලධාරීන් විසින් වාර්තා කර තිබෙනවා" ක්ලූගේ වැඩිදුරටත් සඳහන් කළේය.