2022 දී ගෝලීය ආහාර මිල ගණන් ඉහළ ගියා - WTO


ගෝලීය ආහාර මිල ගණන් පසුගිය වසරේ 18%ක ඉහළ යෑමක් වාර්තා කර ඇති අතර, ධාන්‍ය මිල ගණන් 21%ක ඉහළ යෑමක් වාර්තා කළ බව ලෝක වෙළෙඳ සංවිධානය පවසයි.

ගෝලීය වෙළෙඳාම පිළිබඳ පෙරදැක්ම ඉදිරිපත් කරමින් ලෝක වෙළෙඳ සංගමය විසින් මෙම කරුණු අනාවරණය කර තිබේ.

එම සංවිධානය පෙන්වා දෙන්නේ, මෙම කාලය තුළ වගාවන් සඳහා අවශ්‍ය පොහොර මිල ගණනන්ද 63%ක ඉහළ යෑමක් පෙන්නුම් කළ බවයි.

එමෙන්ම, 2022 වසරේ මුල් අර්ධයේ ආහාර මිල ගණන්වල ඉහළ යාම 19%ක් ලෙස වාර්තා වුවත්, දෙවැනි අර්ධයේදී එය 15%ක් දක්වා අඩුවූ බවද එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles