2022 වසරේදී ඉතාලියේ සමස්ත දරු උපත් ලක්ෂ 4කට සීමා වී ඇති අතර, එය රටේ ඓතිහාසිකව ඉතාම පහළ උපත් අනුපාතිකයක් ලෙස වාර්තා වේ.
මේ තත්ත්වය තුළ ඉතාලි බලධාරීන් විසින් මෙය ජාතික හදිසි තත්ත්වයක් ලෙස ප්රකාශයට පත්කර ඇති අතර, එම වසරේ උපත් අනුපාතය 1.8%කින් පහළ ගොස් තිබේ. මෙය වර්ෂ 1861න් පසුව එරටින් වාර්තා වූ අඩුම උපත් අනුපාතියයි.
මේ තත්ත්වය තුළ ඉතාලියේ සෑම මරණ 12කටම උපත් 7ක් පමණක් වාර්තා වීම නිසා එරට ජනගහනය 179,000කින් පහළ ගොස් ඇති බවද කියයි.